ට්‍රම්ප් නඩු මඟට යයි , හේතුව මෙන්න
සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ තම බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත හෙළි වූ බව චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාවට (IRS) සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.
ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික වන්දි ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයකදී එම නඩුව ඊයේ (29) දින ගොනු කර තිබේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම නඩුව ගොනු කර ඇත්තේ තම පුත්‍රයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප් සමඟයි.
ජනාධිපති ලෙස නොව පුද්ගලික මට්ටමින් මෙම නඩුව ගොනු කර තිබෙන වාර්තා වේ.
ට්‍රම්ප් චෝදනා කර තිබෙනුයේ මෙම තොරතුරු IRS හි හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වන චාල්ස් ලිට්ල්ජෝන් විසින් නීතිවිරෝධී ලෙස ලබාගෙන මාධ්‍ය වෙත හෙළි කර තිබෙන බවයි.
මෙම සිදුවීම හේතුවෙන් ලිට්ල්ජෝන් සේවය කළ පෞද්ගලික සමාගම සමඟ පැවති ඩොලර් මිලියන 21ක ගිවිසුම් අවලංගු කිරීමට ද අමෙරිකානු රජය මීට පෙර පියවර ගෙන ඇත.