ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

Report

ඇප් (App) පාදක කරගත් ප්‍රවාහන සේවා සහ ස්වාධීන ත්‍රිරෝද රථ සේවාවලට පොදු මිල සූත්‍රයක් හෝ ඒකාබද්ධ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන මෙන් ඉල්ලමින් ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව අඳාළ හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රියැදුරු සංගම් නියෝජිතයෙකු පැවසුවේ ඇප් මගින් ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවාවන්හි පවතින අඩු ගාස්තු නිසා මගීන් වැඩි වශයෙන් එම සේවාවන් වෙත යොමු වන බවයි.

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

එසේ වුවත් අඳාළ මිල තීරණය කිරීමේ ආකෘතීන් හේතුවෙන් සාමාන්‍ය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දෛනික ආදායමට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

ඇප් සේවාවලට සහ සාමාන්‍ය ත්‍රිරෝද රථවලට එකම ගාස්තුවක් නියම කරන්නේ නම්, මගීන්ට තමන් කැමති සේවාවක් නිදහසේ තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම එහිදී ස්වාධීන ත්‍රිරෝද රථ රියැදුරන් අධික ලෙස මුදල් අය කරන බවට එල්ල වන චෝදනා රියැදුරු නියෝජිතයා ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව ඔහු සඳහන් කළේ ස්වාධීන මීටර් කුලී රථ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 85ත් 100ත් අතර ස්ථාවර මුදලක් අය කළද ඇප් සේවාවන් කාර්යබහුල වේලාවන්හිදී අධික වශයෙන් ගාස්තු වැඩිකරන බවට තමන් සතුව සාක්ෂි තිබෙන බවයි.

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

එමෙන්ම රියැදුරන් මෙහිදී අවධාරණය කළේ ගාස්තු නියම කිරීමේ බලය පැවරී ඇත්තේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මිස පෞද්ගලික සමාගම්වලට නොවන බවටයි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා වෙත අඳාළ කරුණු ඉදිරිපත් කරමින් වෘත්තීය රියැදුරන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ මගීන්ට සාධාරණයක් වන පරිදි විධිමත් නියාමනයක් වහාම ක්‍රියාත්මක කරන ලෙස රියැදුරන් ඉල්ලා සිටියා.

අඳාළ ගැටලුව නිසා ඉකුත් කාලසීමාව තුළ ඇල්ල, සීගිරිය වැනි සංචාරක කලාපවල ඇප් මඟින් ධාවනය කරන රියැදුරන් සහ ප්‍රාදේශීය ත්‍රිරෝද රථ රියැදුරන් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයන්ද වාර්තා වී ඇත.

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි

ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි