රජයට GMOAගේ අවසාන පැය 48 අදින් අවසන්

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් පැය 48ක කාල සීමාව අද (30) අවසන් වන බව සංගමය ප්‍රකාශ කර තිබේ.

මෙම කාලය තුළ රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් හෝ ගැටලු විසඳීම සඳහා කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින විධායක සභාව විසින් සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

ඉරානයට දැඩි පහරක් - IRGC බළකාය ත්‍රස්තවාදී ලැයිස්තුවට

ඉරානයට දැඩි පහරක් - IRGC බළකාය ත්‍රස්තවාදී ලැයිස්තුවට

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ:

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අපි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක නිරත වෙලා තියෙනවා. මේ සාධාරණය අපි ඉල්ලන්නේ. කාලරාමුවක් ඇතුළේ විසඳුම් නිර්මාණය කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන්න කියන තැන අපි ඉන්නේ.

හැබැයි ආණ්ඩුව සූදානම් නෑ නම්‍යශීලි වෙලා මේ ප්‍රශ්නය විසදන්න. මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙරේදා දිනයේ දී පැය 48ක කාලයක් ලබා දුන්නා මේ ගැටළුව විසඳීම සඳහා මැදිහත් වෙන්න. අද දවසේ මේ පැය 48 ඉවරවෙනවා.

එතනින් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් මධ්‍යම කාරක සභාව විධායක කමිටුවට බලය පවරලා තියෙනවා මේ ප්‍රශ්නයට අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ඒ අනුව ඉදිරි ක්‍රියාර්ග මීට වඩා වෙනස් විදියට වෙන්නේ කොහොමද කියලා රටට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා."

මෙම පැය 48ක කාල සීමාව ජනවාරි 28 වැනිදා මධ්‍යම කාරක සභාවේ තීරණයක් ලෙස ලබා දුන් බවත්, එය රජයේ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු – විශේෂයෙන් DAT (Disturbance, Availability, Transport) දීමනාවන් යාවත්කාලීන කිරීම, ප්‍රවාහන දීමනාවන්, පර්යේෂණ දීමනාවන් සහ "Sri Lanka Medical Service" නමින් වෙන් වූ සේවා කාණ්ඩයක් පිහිටුවීම ආදිය – විසඳීම සඳහා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී

ශ්‍රී ලංකාවේ සබීනා ලෝකයටම දිදුලයි - තෙවන ස්ථානය ජයගනී