ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 16වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙඩිතැබීමෙන් වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු මරණයට පත්විණි.
ඒ වගේම කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකුටද තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ වගේම සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගිය බවයි .
ඒ අනුව මෙම වෙඩිතැබීමට සම්බන්ධ අදාළ සැකකරු විමර්ශන නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්තාවේදී ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 63ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද (30) අළුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය පිළිබද වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.