අමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර බලශක්ති සබඳතා වර්ධනයට සාකච්ඡා

Report

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර බලශක්ති ක්ෂේත්‍ර සබඳතා වර්ධනය කිරීමේ අරමුණෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට වැඩබලන ඇමරිකානු තානාපතිනී ජේන් හොවෙල් මහත්මිය අතර බලශක්ති අමාත්‍යාංශ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සිදුව ඇත.

මෙහිදී ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන සාධනීය වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.

අප්‍රේල් 01 සිට තෙල් මිල ඉහලට යෑමේ අවදානමක්?

අප්‍රේල් 01 සිට තෙල් මිල ඉහලට යෑමේ අවදානමක්?

බලශක්ති අමාත්‍යවරයා විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල සිදුවන නව වර්ධන, ගොඩනැගෙන නව අවස්ථා, ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමේ හැකියාවන් පිළිබඳව පැහැදිලි කරමින්, විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල හා ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ වෙනස්කම්ද සලකා බැලුණු බව සඳහන් විය.

මාරක අනතුරක් - 18 හැවිරිදි තරුණයා එතනම මරුට

මාරක අනතුරක් - 18 හැවිරිදි තරුණයා එතනම මරුට