ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන ගත්තු හදිසි තීරණය

Report

වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මඟින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් (Career Diplomats) 30 දෙනෙකු පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කැඳවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව රටවල් අවම වශයෙන් 29ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු දූත මණ්ඩල ප්‍රධානීන්ට ඔවුන්ගේ සේවා කාලය ලබන ජනවාරි මාසයෙන් අවසන් වන බව දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අඳාළ නිලධාරීන් සියලු දෙනා ජෝ බයිඩන් පාලන සමයේදී පත්වීම් ලැබූවන් වන බවයි.

ස්ටාර්ලින්ක් භාවිතා කරාට දඩ ගහලා

ස්ටාර්ලින්ක් භාවිතා කරාට දඩ ගහලා

එසේම ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදී දේශපාලන පත්වීම්ලාභීන් ඉවත් කළ අවස්ථාවේ මොවුන් සිය තනතුරුවල රැඳී සිටීමට සමත් වූ බවද පෙන්වා දෙයි.

ඉකුත් බදාදා දිනයේ සිට වොෂින්ටන් බලධාරීන් විසින් අදාළ නිලධාරීන්ට මෙම ඉවත් කිරීම් පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ආරම්භ කර ඇති බව සඳහන්.

ගුරුවරු පත් කිරීමේදී ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී මෙහෙම කරන්න එපා - අගමැති

ගුරුවරු පත් කිරීමේදී ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී මෙහෙම කරන්න එපා - අගමැති

අද සිට මේ අධිවේගී මාර්ගය භාවිතා කරන අයට ප්‍රවේශපත් නිකුත් කරන්නේ මෙහෙමයි - වෙනස් ක්‍රමයක්

අද සිට මේ අධිවේගී මාර්ගය භාවිතා කරන අයට ප්‍රවේශපත් නිකුත් කරන්නේ මෙහෙමයි - වෙනස් ක්‍රමයක්