යතුරුපැදි සොරකම් කළ තුන්දෙනෙක් කොටු
යතුරුපැදි සොරකමේ සහ රන් මාල කැඩීමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු වරකාපොල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වරකාපොල පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් ව්‍යාජ අංක තහඩු යොදා ගනිමින් ධාවනය කළ යතුරුපැදි දෙකක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ .
තවද මෙම සැකකරුවන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිරිඋල්ල සහ දඹදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් බවයි.
තවද මෙම සැකකරුවන් ඊයේ (15) දින වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ වගේම අදාළ සැකකරුවන් එහිදී එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග ඇති බව වාර්තා වේ.