පරීක්ෂණ ඉවර කරන්නත් කළින් පුච්චලාලු - චම්පික හෙළි කරපු රහස
නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ දෙකකින්, මෙරටට ආනයනය කළ ගල් අඟුරු සාම්පල අසමත්ව ඇති බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙළි කර ඇත.
ඒ අනුව ඔහු සඳහන් කළේ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගම මඟින් සිදුකරනු ලබන විමර්ශන වාර්තාව අද දිනයේ නිකුත් වීමට නියමිත බවයි.
එසේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නෞකා දෙකක් ගෙන්වීම නිසා රජයට රුපියල් කෝටි 700ක අතිවිශාල මූල්‍ය අලාභයක් දරා ගැනීමට සිදුව ඇති බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අතර ඔහු සඳහන් කළේ ගිවිසගත් පරිදි නිවැරදි ගුණාත්මකභාවයෙන් යුතු ගල් අඟුරු ආනයනය කළේ නම් මෙම අනවශ්‍ය වියදම වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.
එමෙන්ම එම සමාගමට මෙම සැපයුම් ඇණවුම ලබා දීමට වගකිවයුතු අමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරත වූ බවත්, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස බරපතළ දූෂණයක් පවතින බවත් රණවක මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මෙම විෂය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු විමසා ඇත.
කෙසේ වෙතත් නව ගල් අඟුරු තොගයේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණ නිම කිරීමටත් පෙර, ඒවා කෙළින්ම බොයිලේරු වෙත යොමු කර දහනය කර තිබෙන බව සඳහන්.
අඳාළ ක්‍රියාව සිදුකර ඇත්තේ බලාගාරය සතුව ප්‍රමිතියෙන් යුතු පැරණි ගල් අඟුරු තොග පවතිද්දී බව සඳහන්.
එසේම පරීක්ෂණ වාර්තා ලැබීමටත් පෙර, මෙලෙස හදිසියේ ගල් අඟුරු දහනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා වාර්තා කරන ලෙස කාරක සභා සභාපතිවරයා එහි සිටි නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.