අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු, අම්මා මරලා බිරිදටත් පිහියෙන් ඇනලා පොලීසියටත් භාර වෙලා

Report

සිය මවට පිහියකින් ඇන ඝතනය කොට සිය බිරිදටද පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ අයෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය සදහන් කර තිබේ .

ඒ අනුව ඊයේ (15) රාත්‍රි 7.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

මෙලෙස ඝාතනය කොට තිබෙනුයේ අහංගම සතොසගම,තිත්තගල්ල පෑලැස්ස ලිපිනයේ පදිංචි කාන්තාවකි.ඇය මහගමගේ නන්දාවතී නම් ( 78) හැවිරිදි තැනැත්තියකි.

ඔහු සිය මවගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

පොලිසිය සදහන් කර ඇත්තේ ඔහුගේ නිවසේ සිටි තම තම බිරිඳ වන වොසාකා වීරසූරිය යන ඇයටද පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර තිබෙන බවයි.

මෙම කාන්තාව 1990 ගිලන්රථයක් මගින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට ඇත.

පොලීසිය සදහන් කළේ ඇයගේ තත්ත්වය බරපතල බවයි.

මෙම සැකකරු පිහියත් රැගෙන අහංගම පොලිස් ස්ථානයට පැමිණ භාරවි ඇත ඒ අනුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රදවාගෙන තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයින් දෙදෙනා සහ කාන්තාව දිවයිනට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයින් දෙදෙනා සහ කාන්තාව දිවයිනට

අද සිට ඔබට ලැබෙන කිරිපිටි සහන මිල මෙන්න

අද සිට ඔබට ලැබෙන කිරිපිටි සහන මිල මෙන්න