ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - සමස්ථ මැතිවරණ ප්‍රතිඵලය..

Trincomalee Election Sri lanka election 2024 Sri Lanka election updates
By krishani Sep 22, 2024 10:52 AM GMT
krishani

krishani

Report

2024 ජනාධිපතිවරණය 

2024 ජනාධිපතිවරණයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 120,588ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

එමෙන්ම, අනුර කුමාර මහතා ඡන්ද 49,886ක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 40,496ක් පමණී.


2019 ජනාධිපතිවරණය 

2019 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ සජිත් ප්‍රේමදාස යි.

එවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා සේරුවිල ආසනය හැර ඉතිරි ආසන 3 ම පහසුවෙන් ජයග්‍රහණය කළා

එම නිසාම ඔහුට වැඩි ඡන්ද 43,776 කින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.

දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිපලය

සජිත් ප්‍රේමදාස - ඡන්ද 1666,841 (72.10%)

ගෝඨාභය රාජපක්ෂ - ඡන්ද 54,135 (23.39%)

අනුර කුමාර 3,730 (1.61%)

තැපැල් ඡන්ද

ගෝඨාභය රාජපක්ෂ - 5,089 (36.72%)

සජිත් ප්‍රේමදාස - 7,871 (56.79%)

අනුර කුමාර 610 (4.40%)


2015 ජනාධිපතිවරණය 

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි.

එවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා සේරුවිල ආසනය හැර ඉතිරි ආසන 2ක විශාල ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කළා.

එම නිසාම ඔහුට වැඩි ඡන්ද 88,227ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.

එසේම මෙය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඉහළම ඡන්ද ප්‍රතිශතය බවටත් පත් වුණා.

දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිපලය

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 140,338 (71.84%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 52,111 (26,67%)

තැපැල් ඡන්ද

මහින්ද රාජපක්ෂ - 6,207 (42.46%)

මෛත්‍රීපාල සිරිසේන- 8,323(56.94%)


ReeCha