දුම්රිය වර්ජනය ඇරඹේ..ඇරඹෙන දිනය මෙන්න..
ලබන සඳුදා සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා. දුම්රිය සේවාවේ මේ වන විට පවතින අකාර්යක්ෂම තත්ත්වයට දුම්රිය දෙපාර්තමේන්තුව කිසිඳු පියවරක් නොගැනීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
ඒ අනුව අනුරාධපුර සහ කන්කසන්තුරය අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රථමයෙන් වර්ජනයේ නිරත වන අතර, ගැටලුවට විසඳුම් නොලැබුණ හොත් දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය කාර්යාල සේවකයින් 26 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකිරීමටයි තීරණය කර තිබෙනවා.
මේ වන විට දුම්රිය සංඥා පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම්, අවලංගු වීම් විශාල ප්‍රමාණයක් ඇති අතර, ඒ නිසා දුම්රිය මඟීන් දැඩි අපහසුතාවට පත්වන බවත්, ඒ නිසාම දෙපාර්තමේන්තුවට සිදුවන පාඩු පිළිබඳව කිසිඳු පියවරක් ගැනීමට තවමත් දුම්රිය දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |