රාජ්‍ය සේවයටත් ඇතුල්වෙන AI - ඒ ගැන දැනගන්න, නැත්නම් අමාරුවේ..

Report

රාජ්‍ය සේවය ඵලදායි හා කාර්යක්ෂම තත්ත්වයකට පත්කිරීමේ අරමුණින්, සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාවක් අගෝස්තු 15, 16 සහ 23 යන දිනවල අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

‘AI for Transforming Public Service’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, නිලධාරීන් දැනුවත් කිරීම, සුදානම් කිරීම සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම ඉලක්ක කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක් - දිලිත්ගේ හිත උණුවේ.. ආණ්ඩුවට රිදන්නම කියයි

මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක් - දිලිත්ගේ හිත උණුවේ.. ආණ්ඩුවට රිදන්නම කියයි

මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වූ අතර, දෙවන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තෙවන වැඩසටහන මුදල් අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්විණි.

ඉදිරියේදී සෙසු සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා මෙම වැඩමුළු මාලාව සංවිධානය කර තිබේ.

මාළිඟාවල ඉන්න රජවරු ගැන අහලා තිබ්බට ලක්ෂ්මි විලාස් මාළිගාවේ ඉන්න බැරෝඩාවේ මහාරාණි ගැන අහලා තියෙනවද?

මාළිඟාවල ඉන්න රජවරු ගැන අහලා තිබ්බට ලක්ෂ්මි විලාස් මාළිගාවේ ඉන්න බැරෝඩාවේ මහාරාණි ගැන අහලා තියෙනවද?

වැඩමුළුවලට සම්පත්දායකයන් ලෙස ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන, ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු එක්වනු ඇත.

චිචීගේ රොකට් එක ගැන අගමැතිනියට බොරු උගන්වපු අයට නීතිමය පියවර ගන්නවා -වසන්ත සමරසිංහ

චිචීගේ රොකට් එක ගැන අගමැතිනියට බොරු උගන්වපු අයට නීතිමය පියවර ගන්නවා -වසන්ත සමරසිංහ