හෝටල් සහ ආපනශාලවල කෑම හදන අයටයි. - පාරිභෝගිකයින්ටයි මෙන්න සුබ ආරංචියක්.
හෝටල් සහ ආපනශාලවල සේවය කරනු ලබන ආහාර සැකසුම්කරුවන්ට විශේෂ පුහුණු පාඨමාලාවක් ලබදීමට ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එම පාඨමාලා පසුගිය මාසයේදී ආරම්භ කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂණ ඒකකය සමඟ එක්ව පවත්වාගෙන යනු ලබනවා.
මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර සකසන ආකාරය ගැන පුහුණු කෙරෙන අතර පුහුණු පාඨමාලා හදාරන කෝකියන්ට පුහුණුවෙන් පසු සහතිකයක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන කියා සිටියේ.
මේ අතර මේ වනවිට පරිභෝජනයට නුසුදුසු ආහාර සකසන ආපනශාලා සහ හෝටල් සොයා වැටලීම් සිදුකරන බවත් එහිදී ඒවායේ සේවය කරන පුද්ගලයින්ගේ පවිත්‍රතාවය සම්බන්ධයෙන් සොයා බලන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙරට ආපනශාලා සහ හෝටල්වලින් 18%ක් පරිභෝජනයට නුසුදුසු අහාර සකසන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
