99 න් නමයෙන් බේරුණු මෙරට දුම්රිය අවදානම (VIDEO)

srilanka Train
By Sithumi Nov 13, 2021 01:42 PM GMT
Sithumi

Sithumi

Report

නායයාමේ අවදානමක් පෙන්නුම් කළ කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඉහළ කොටසේ දුම්රිය මාර්ගයට ආසන්න ප්‍රදේශයේ නායයාම් තත්ත්වය සක්‍රීය වෙමින් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 

එම ප්‍රදේශයේ නායයාමේ තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් එම මාර්ගය මේ වන විට වසා දමා ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

කෙසේවෙතත් මේ පිළිබඳ සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම නායයාමේ අවදානම පවතින ප්‍රදේශයට ඉහළින් උඩරට දුම්රිය මාර්ගයට ආසන්නයේ භූමිය නායයාමේ තත්ත්වයකට සක්‍රීය වෙමින් පවතින බවය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික කටයුතු අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ, 

"ප්‍රධාන මාර්ගයට ඉහළින් දීර්ඝ කාලයක් තිස්සේ තැන්පත් වෙච්ච පස් සහ ගල් තට්ටුව ක්‍රමයෙන් පහලට තල්ලුවීමක් සිදුවෙමින් පවතිනවා. ඊට ඉහළින් තියෙන්නේ ලොකු ගල්. මේ අවදානම අවම කරන්න අපිට කරන්න තියෙන්නේ ජලය බැසයෑම ක්‍රමාණුකූලව සකස් කිරීම."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now