නැවතුනු දුම්රිය ධාවනය අද හවසට යළි ක්‍රියාත්මක වෙයිද? - මෙන්න දැන් ලැබුණු ආරංචිය.

Sri Lanka Railways Department of Railways Railways
By Wayomi Jun 07, 2024 09:47 AM GMT
Wayomi

Wayomi

Report

දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරනවා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කළා.

කෙසේවෙතත් දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස් වීම් ගැටලු මුල් කරගනිමින් එම රියදුරන් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව විසින් ගත් තීරණයක් නොවන අතර සංගමයේ ලේකම්වරයා විසින් ගත් තීරණයකට අනුව වර්ජනය සිදුකරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා සඳහන් කර ඇත්තේ.