දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Jan 03, 2024 02:19 AM GMT
Aruna

Aruna

Report

හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රියක් හලාවත සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි,දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර, ගල් පර්වත ගස් සහ පස් කඳු කඩා වැටී හල්දුම්මුල්ලෙන් අවහිර වී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට පසුව වාහනයක් ගමන් කළ හැකි වන පරිදි කුඩා ප්‍රමාණයේ ඉඩක් විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය සදහන් කළා.

මාර්ගය මැදට වැටී ඇති විශාල ප්‍රමාණයේ ගල් පර්වත කීපයක් තවමත් පවතින බැවින් ඒවා ගල්බෝර දමා කඩා ඉවත් කළ යුතුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය  පැවසුවේ, මෙම ස්ථානයේ මාර්ගයට ඉහළ කඳුවැටියේ ගල් පර්වත තව පෙරළීමට ආසන්නයේ පවතින බවත්, නිතරම ගල්කුළු මාර්ගයට පෙරළෙමින් තිබෙන ස්ථානයක් බවත්,   ජාතික ගොඩනැගී පර්යේෂක සංවිධානයේ නිරීක්ෂණ වාර්තාවක් ගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවයි.

Sponsor By - Sarrita Jewellery

 

ReeCha