තවත් දුම්රියක් නතර වෙයි
ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වු සාගරිකා දුම්රිය මේ නිසා නතර කිරීමට සිදුව ඇති බව දන්වයි.
එසේම ඉකුත් 19 වන දින සිට ඇණහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (23) දින අලුයම සිට නැවත ආරම්භ වී ඇත.
එමෙන්ම දුම්රිය පාර්තමේන්තුව සඳහන් කරන්නේ ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවයි.
මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා විටින් විට දිවයිනේ ස්ථාන කිහිපයකම දුම්රිය සේවාවේ විවිධ බාධා ඇති වුණා.
කෙසේ වෙතත් එවා කඩිනමින් නැවත යථා තත්ත්වයට පත් කිරීමට නිසි බලධාරීන් ක්‍රියා කරමින් සිටියි.