රන් මිලට ගන්නවනම් මෙන්න අවස්ථා.. අද රන් මිල පහළටම
By Shehan
ලෝක වෙළඳපොළේ රන් මිලේ ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දක්වමින් පවතින අතර, පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 17) දිනයේ සිට අද (ඔක්තෝබර් 22) දක්වා රුපියල් 60,000කින් පමණ පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම අද දිනය තුළ පමණක් රුපියල් 20,000ක පහළ යාමක් වාර්තා වී ඇති බවත් කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ වෙළෙඳපොළ සම්බන්ධීකරණ සඳහන් කරයි.
ග්‍රෑම් එකක රන් මිල (අනුමානයෙන්):
කැරට් වර්ගය | ග්‍රෑම් එකක මිල (රු.) |
කැරට් 22 | 40,250 |
කැරට් 24 | 43,750 |
මෙම මිල තත්ත්වය රත්‍රං වෙළෙඳපොළේ වෙනස් විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර හෙට්ටිවීදිය රන් වෙළෙඳස්ථානවලින් තහවුරු කිරීම වඩාත් සුදුසුය.