අද දුම්රිය ප්‍රමාදයක්, මඟීන්ට දැනුවත් කිරීමක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් මෙසේ අඳාළ දුම්රිය ප්‍රමාදය ඇති වී තිබෙන බවයි.
එබැවින් උදෑසන කාර්යාල දුම්රියන් ද ප්‍රමාද සහිතව ධාවනය වනු ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ප්‍රමාදය නිසා දුම්රිය මඟීන් රැසක් පීඩාවට පත්ව ඇත.
ඒ දිනපතා රැකියාවලට දුම්රියෙන් ගමන් ගන්න මඟීන් විශාල ප්‍රමාණයක් සිටින බැවිනි.