දුම්රියකට යටවී දෙදරු මවක් මිය ගිය ඛේදනීය පුවත

By Sithumi Dec 10, 2021 03:43 PM GMT
Sithumi

Sithumi

Report

අඹු සැමි යුවලක් ගමන්ගත් යතුරු පැදියක් පයාගල ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී දෙදරු මවක් මියගොස් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය කියයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ ඇත්තේ පයාගල, දළුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මීගහපොලගේ පවිත්‍රා විරාජිනී නමැති 25 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි. මරදාන සිට මාතර බලා ගමන් ගන්නා රුහුණු කුමාරි සීග්‍රගාමී දුම්රිය පයාගල බෝට්ටු වැඩපල අසල අනාරක්ෂිත දුම්රිය හරස් මගෙහි දී යතුරුපැදියේ ගැටී තිබේ. 

 යතුරු පැදිය ගාලුපාර දෙස සිට ඇල්ලගහවත්ත ප්‍රදේශය දෙසට ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් කීය. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සංඥා පද්ධතිය මුළුමනින්ම ක්‍රියාවිරහිතව ඇති අතර , දුම්රිය හරස් මග දෙපසම "සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතයි" යනුවෙන් පුවරු එල්ලා තිබිණි .

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතාගේ උපදෙස් පරිදි , රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.පී.එස්.ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් මංජුල (35203) සහ කොස්තාපල් ඕ.වී.දයාවංශ (35204) පරීක්ෂණ පවත්වති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now