ජීවිත දෙකක් අහිමි කළ බිහිසුණු දුම්රිය අනතුරක්..සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනය නවතී..

Sri Lanka Railways Train Crash Accident Department of Railways Death
By Aruna Oct 18, 2024 01:58 AM GMT
Aruna

Aruna

Report

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වනඅලි රංචුවක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබෙන්නේ, මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදි අද (18) අලුයම 3.30ට පමණයි.

ඉන් දුම්රියේ ඉන්දන ටැංකි හතරක් පිළි පැන ඉන් දෙකක් පෙරළි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද ලග්න බොහොමයකටම ඇවිද්ද පය දහස් වටී..මේ ලග්න වල අය පරිස්සම් වන්න.

අද ලග්න බොහොමයකටම ඇවිද්ද පය දහස් වටී..මේ ලග්න වල අය පරිස්සම් වන්න.


එමෙන්ම දුම්රිය එන්ජිම සහ නියාමකවරයා ගමන්කරන මැදිරිය ද පිළිපැනීමට ලක්ව තිබේ.

මෙලෙස සිදුවූ බිහිසුණු අනතුරින් වනඅලි දෙදෙනෙක් මිය ගොස් තවත් වනඅලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඉන්ධන ප්‍රවාහන තෙල් ටැංකි පෙරලීමෙන් දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මේ වන විට මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇත.

විදුලි බිල 45% කින් අඩු කරයි?..නව ජනපති අනුරට අභියෝගයක්.

විදුලි බිල 45% කින් අඩු කරයි?..නව ජනපති අනුරට අභියෝගයක්.


මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන්නේ, අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක ද අවලංගු කිරීමටයි.