අද ලග්න බොහොමයකටම ඇවිද්ද පය දහස් වටී..මේ ලග්න වල අය පරිස්සම් වන්න.

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Oct 18, 2024 12:03 AM GMT
Aruna

Aruna

Report

🔴 මේෂ ලග්නය

ක්‍රියාශීලී දිනකි. දුර ගමන් යෙදේ. ආගමික වතාවත්වල යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදු වෙයි. හදිසි ධන ලාභ ද ලබයි. ශිරෝ රෝවලට හේතුයි. ජය අංකය: 05 ශුභ වර්ණය: නිල්

🔴 වෘෂභ ලග්නය

දුර ගමන් යෙදේ. විනෝද ජනක ක්‍රියාකාරකම්වලට යොමු වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. නව වැඩ ඇරඹීමට ශුභයි. ආගමික වතාවත් උත්සව වැනි දේ යෙදේ. සෙම් රෝග මතු කරයි. ජය අංකය: 02 ශුභ වර්ණය: ක්‍රීම්

🔴 මිථුන ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල දෙති. ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැය පස ඉහළ යයි. භූමි ලාභ, භූමි සම්පත් මතු කරයි. ශ්වසන රෝග මතු කරයි. ජය අංකය: 07 ශුභ වර්ණය: රන්වන්

🔴 කටක ලග්නය

ගමන් බිමන් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මහත් ප්‍රසාදයට පත් වෙයි. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතුවේ. ජය අංකය: 04 ශුභ වර්ණය: රෝස

🔴 සිංහ ලග්නය

දහමට ලැදිව ක්‍රියා කරයි. දානමානාදී කුසල කර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියා කරයි. නවක මිතුදම් ඇති වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග මතු කරයි. ජය අංකය: 01 ශුභ වර්ණය: තැඹිලි

🔴 කන්‍යා ලග්නය

ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන්, ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියා කරයි. තරමක් වැයපස ඉහළ යයි. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. ඥාති මිත්‍රාදීන් සමීපව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන ඇති කරවයි. ජය අංකය: 06 ශුභ වර්ණය: කොළ

🔴 තුලා ලග්නය

ආගමානුකූල ක්‍රියාවන්ට මුල්තැන දෙයි. ගමන් බිමන් ද යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දුරස්ථවූ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ඍජුගුණ මතු කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ. ජය අංකය: 03 ශුභ වර්ණය: සුදු

🔴 වෘශ්චික ලග්නය

දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සවවලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැයකෙරේ. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ. ජය අංකය: 08 ශුභ වර්ණය: රතු

🔴 ධනු ලග්නය

ශුභවාදී ඵල ගන දෙයි. තම අරමුණු ජය ගන්නා අතර නිවසේ අලුත් වැඩියාවකට හේතුයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර වැයපස ඉහළයි. සෙම් කෝප රෝග සාදයි. ජය අංකය: 01 ශුභ වර්ණය: කහ

🔴 මකර ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල දෙන අතර ගමන් බිමන් මත අවිවේකී දිනකි. තම නිවස උත්සව ශ්‍රියාවක් මතු කරයි. වැයපස ඉහළ යන අතර ණයතුරුස් වීමට ද හේතුයි. භූමි ලාභ මතු කරයි. මුඛ රෝග, නේත්‍ර රෝග වැනි දේට හේතුයි. ජය අංකය: 07 ශුභ වර්ණය: දුඹුරු

🔴 කුම්භ ලග්නය

ශුභවාදී ඵල මතු කරයි. විනෝද ජනක ක්‍රියා, ගමන් බිමන් ආදියට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරන අතර ප්‍රසාදයට පත් වන දිනකි. ආර්ථික ලාභ ලැබීම ඇති වෙයි. මුත්‍රා ආසාදන රෝග ද මතු වෙයි. ජය අංකය: 06 ශුභ වර්ණය: ළා රතු

🔴 මීන ලග්නය

ලග්නය ශුභා ශුභ මිශ්‍ර ඵල උදා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සිත ශක්තිමත් වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. විශේෂ ආසාදන රෝග මතුවේ. ජය අංකය: 09 ශුභ වර්ණය: දම්