දුම්රියේ ගැටුණු හෙඳිය නොඑන ගමන් යයි.(VIDEO)

Galle Train accident Alabama Train station Nurse dei
By Aruna Jul 04, 2021 07:59 AM GMT
Report

ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ ‘ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යතුරුපැදියේ පිටුපස වාඩි වී පැමිණි හෙද නිලධාරිණියක බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙම හෙද නිලධාරිණිය තම සැමියා සමග අද (04) උදැසන 6.30ට පමණ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබු අංක 701 දුම්රියේ ගැටිමෙන් මෙම අනතුර වී ඇත.

මෙම දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරිමට යාමේ දී දුම්රියේ පිටුපස පෙට්ටියේ යතුරුපැදිය ගැටී මෙම අනතුරවී ඇති බව විමර්ශනවලදී අනාවරනය වී ඇති බව පොලීසිය පවසයි.

හෙද නිලධාරිණියගේ සැමියාට කිසිදු අනතුරක් වී නැති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබු හෙද නිලධාරිණිය 1990 සුව සැරිය ගිලන්රථ සේවය මගින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ජනනි හිරුණා උදයන්ති ධර්මදාස නැමති කරපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරණ 50හැවිරිදි හෙද නිලධාරිණියකි.

අහංගම පොලිසියේ රථවාහන අංශය විසින් මෙම අනතුර පිළිබද පරික්ෂණ පවත්වයි.

දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now