අද දින කාලගුණයේ වෙනසක් - සවස 2න් පසු රටේ තත්ත්වය වෙනස් වෙයි

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් අවදානමක - CIDයෙන් වහාම පරීක්ෂණ ආරම්භයි

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්