සලේට හානියක් වුණොත් ආණ්ඩුව වගකිවයුතුයි - ජාතික සංවිධාන එකමුතුව
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටියි.
"සලේට යුක්තිය - සංවාද මණ්ඩපය" යන තේමාව යටතේ කොළඹදී පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජිතයින් මේ බව අවධාරණය කළහ.
සුරේෂ් සලේ මහතා තවදුරටත් අඛණ්ඩව රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීම අසාධාරණ බව පෙන්වා දෙන එම නියෝජිතයින්, එලෙස රඳවා තබාගෙන සිටින කාලසීමාව තුළ ඔහුගේ ජීවිතයට හෝ සෞඛ්‍යයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව භාරගත යුතු බව වැඩිදුරටත් සඳහන් කළහ.