පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරම්භ කරයි
2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (23) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් සිය වීථි සංචාරය ආරම්භ කර තිබේ.
පස්වරු 6.44 ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවෙන් ගමන් ආරම්භ කළ පළමු රන්දෝලි පෙරහැර මංගල්‍යය දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පංචදේව පාර සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතය.
අද දින සිට අඛණ්ඩව දින 5 ක් පුරා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර, මහජනතාව විශාල වශයෙන් ආකර්ෂණය කරගන්නා ඓතිහාසික අවසන් රන්දෝලි පෙරහැර ලබන 27 වනදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.