දළදා පෙරහැර රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Report

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පරුෂ වචනයෙන් බැනවැදී, කලහකාරී ලෙස හැසිරෙමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

2022-24 කාලයේ පාර්ලිමේන්තුවේ ඉන්ධන භාවිතය ගැන ප්‍රශ්නයක් - විගණනයෙන් තොරතුරු රැසක් හෙළි වෙයි

2022-24 කාලයේ පාර්ලිමේන්තුවේ ඉන්ධන භාවිතය ගැන ප්‍රශ්නයක් - විගණනයෙන් තොරතුරු රැසක් හෙළි වෙයි

අදාළ පුද්ගලයා මහනුවර ශ්‍රී දළදා මාළිගා භූමියට ඇතුළු වන ප්‍රධාන පරීක්ෂණ මුරපොළ ඉදිරිපිටදී මෙලෙස නොසන්සුන් ලෙස හැසිරෙමින් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බැනවැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව රාජකාරියට බාධා කිරීම සහ මහජන පීඩා සිදුකිරීම යන චෝදනා යටතේ ඉදිරි නීතිමය පියවර ගැනීමට මහනුවර පොලීසිය කටයුතු කරමින් සිටියි.

යාපනයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට අධිකරණයෙන් දඩ

යාපනයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට අධිකරණයෙන් දඩ