මුළු ලංකාවටම වලංගු පරිදි මීට සුළු මොහොතකට කලින් රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා බලපාන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (23) පස්වරු 4.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (24) පස්වරු 4.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් ඇතුළුව යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

2022-24 කාලයේ පාර්ලිමේන්තුවේ ඉන්ධන භාවිතය ගැන ප්‍රශ්නයක් - විගණනයෙන් තොරතුරු රැසක් හෙළි වෙයි

2022-24 කාලයේ පාර්ලිමේන්තුවේ ඉන්ධන භාවිතය ගැන ප්‍රශ්නයක් - විගණනයෙන් තොරතුරු රැසක් හෙළි වෙයි

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම"අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අධික උණුසුම හේතුවෙන් විජලනය සහ සෞඛ්‍ය ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෘජු හිරු එළියට නිරාවරණය වීම අවම කරගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

යාපනයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට අධිකරණයෙන් දඩ

යාපනයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට අධිකරණයෙන් දඩ