ඉදිරි පැය 36 ඇතුළත කාලගුණය වෙනස් වන හැටි- වැසි සහ තද සුළං ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

Report

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය අද දින සවස 04.00 ට නිකුත් කරන ලදි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

එළැඹෙන 25 වැනිදා සිට - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ කිහිපයකට දැඩි හිරු රශ්මියක් කාලගුණයෙන් හදිසි නිවේදනයක්

එළැඹෙන 25 වැනිදා සිට - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි, තවත් ප්‍රදේශ කිහිපයකට දැඩි හිරු රශ්මියක් කාලගුණයෙන් හදිසි නිවේදනයක්

Gallery