ගොවීන්ට තවත් බරක් - ඉන්ධන මිල ඉහළ යාමෙන් එළවළු වෙළඳාමට බලපෑම්

Report

මෑතකදී සිදුවූ ඉන්ධන මිල ඉහළ යාම කෘෂිකාර්මික අංශයට දැඩි බලපෑමක් ඇති කර ඇති බව කෘෂිකාර්මික සංගම් වාර්තා කර තිබේ.

කැප්ටිපොළ එළවළු වෙළඳුන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, එළවළු තොග ප්‍රවාහනය සඳහා ප්‍රවාහන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි

මෙම වැඩිවන පිරිවැය හේතුවෙන් උඩරට එළවළු වෙළඳාම සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතින බවට ඔවුන් අනතුරු ඇඟවා තිබේ.

අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්

අවදානම් මරණය පවා සිදු විය හැකියි - සෞඛ්‍ය අංශයෙන් සියලුදෙනාටම විශේෂ දැනුම්දීමක්

ඒ සමඟම සහල් මිල ඉහළ යාම නොවැළැක්විය නොහැකි බව සහල් නිෂ්පාදකයින් පෙන්වා දී තිබේ. ඉන්ධන මිල ඉහළ යාම නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලීන් දෙකටම විශාල බරක් එල්ල කර ඇති බව ඔවුන් අවධාරණය කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස හාල් කිලෝග්‍රෑමයක මිල රුපියල් දහයකට වඩා වැඩි කිරීමට සිදුවන බව නිෂ්පාදකයින් වාර්තා කර තිබේ.

කෘෂිකාර්මික අංශයේ නියෝජිතයින් රජයෙන් ඉල්ලා සිටින්නේ, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඇති වන බලපෑම් සමනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, කෘෂිකර්මිකයින්ට සහන සැලසීමට විශේෂ සහනාධාර හෝ ආධාර ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලෙසත්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එළවළු හා හාල් මිල ඉහළ යාමත් සමඟ ජනතාවගේ දෛනික ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්

මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්