රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම ගැන සෞඛ්‍යයෙන් උපදෙස්

Report

 වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සදහන් කරන්නේ බලශක්ති කළමනාකරණය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි

ඒ වගේම  කෙසේ වෙතත් රෝගීන්ට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් සායනවලට පැමිණීමේ හැකියාව තිබෙන බව  එතුමා සදහන් කර තිබේ.

තවත් මිල ඉහළ දැමීමක්? සියලුම බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අද ගන්න යන තීරණය

තවත් මිල ඉහළ දැමීමක්? සියලුම බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් අද ගන්න යන තීරණය

දිවයින පුරා රෝහල්වල සහ වෙනත් ස්ථානවල විවිධ සායන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බව සදහන් වේ.

  මේ අතර බලශක්ති අර්බුදය සමග විවිධ අභියෝග පැන නැගී තිබුණද රෝහල්වල ශල්‍යකර්ම කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා තව දුරටත් ප්‍රකාශ කර තිබේ