කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ඒ ගින්නටම අහුවෙලා - වීරවිලම කදුළු සාගරයක් වෙයි
වීරවිල, ගඟසිරිගම ප්රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී මියගොස් තිබේ ඒ බව විරවිල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ ගඟසිරිගම, තිස්සමහාරාම ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ.
මෙලෙස අදාළ පුද්ගලයා විසින් තමාට අයත් කුඹුරේ තිබූ පිදුරු ගිනිතබා ඇති අතර එම ගින්න අවට කුඹුරු යාය වෙත පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ තවද වීරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.