උතුරු දේශපාලනය උණුසුම් වෙයි - මහ ඇමති තරඟයට සුමන්තිරන් සූදානම්

Report

ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත සඳහා මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සූදානම් බව නැවත වරක් තහවුරු කර තිබේ.

ඉන්දීය මාධ්‍ය ආයතනයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත සඳහා ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට මම අදහස් කරමි. ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයට උතුරු සහ නැගෙනහිර පළාත්වල රජයක් පිහිටුවිය හැකි බව අපි තරයේ විශ්වාස කරමු. විශේෂයෙන් නැගෙනහිර පළාතේ රජයක් පිහිටුවීමට මුස්ලිම් දේශපාලන පක්ෂවල සහාය අවශ්‍ය වේ”

යැයි සුමන්තිරන් මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්

මහින්ද රාජපක්ෂ මරන්න සල්ලි ගත්ත හිටපු ඇමති ගැන අනාවරණයක්

ඔහු තවදුරටත් පැවසුවේ, වත්මන් පාලක ජාතික ජනතා බල රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ඒක පක්ෂ ක්‍රමයක් කරා රට ගෙන යාමේ අවදානමට ලක්ව ඇති බවයි.

“අපි සමාජවාදී මූලධර්මවලට සහාය දුන්නද, අපි කිසි විටෙකත් ඒක පක්ෂ පාලනයට සහාය දී නැත. දෙමළ බහුතරයක් වෙසෙන උතුරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලැබූ ජයග්‍රහණයෙන් පිළිබිඹු වන්නේ සාම්ප්‍රදායික දෙමළ පක්ෂ කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වීමයි. කෙසේ වෙතත් උතුරු සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ පැවැත්වුවහොත් ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂය සිය දේශපාලන ආධිපත්‍යය නැවත ස්ථාපිත කරනු ඇත”

යැයි ඔහු වැඩිදුරටත් කීවේය.

හිටපු ජනපති රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණු බව CID වෙත තහවුරු

හිටපු ජනපති රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණු බව CID වෙත තහවුරු

රාජපක්ෂලා හොරකම් කළා කිව්ව බිලියන 18 ඔප්පු කරන්න..මේ ආත්මයේදී තියා ලබන ආත්මයේදීවත් බෑ - උණුසුම මැදම අමතපු නාමල්

රාජපක්ෂලා හොරකම් කළා කිව්ව බිලියන 18 ඔප්පු කරන්න..මේ ආත්මයේදී තියා ලබන ආත්මයේදීවත් බෑ - උණුසුම මැදම අමතපු නාමල්