මෝදර සුදාට වැඩ වරදී

Report

මෝදර පොලීසිය විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් තුළට ඇතුළු වී එහි තිබූ විදේශීය මත්පැන් අලෙවි සැලෙන් මත්පැන් බෝතල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇත්තේ "මෝදර සුදා" ලෙස හදුන්වනු ලබන 21 හැවිරිදි පුද්ගලයෙකි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෝදර පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා සිය නිවසේ රැදී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

පොලිසිය සදහන් කළේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 800ක් හමු වූ බවයි.

අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධිචෝදනා

අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධිචෝදනා

අනතුරුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සුපිරි වෙළෙඳසැලෙහි පිටුපස තහඩුවක් ගලවා එම සුපිරි වෙළදසැලට ඇතුල් වී මත්පැන් බෝතල් සොරකම් කර එම මත්පැන් බෝතල් කිහිපයක් විකුණා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවට පාපොච්චාරණය කර තිබුණි.

  තවද මෙම සැකකරු මාලිගාවත්ත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින 07ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය.  

අධිකරණ පද්ධතියට දැවැන්ත වෙයි - පස්වෙනි වාණිජ මහාධිකරණය අද විවෘත කරයි

අධිකරණ පද්ධතියට දැවැන්ත වෙයි - පස්වෙනි වාණිජ මහාධිකරණය අද විවෘත කරයි