තහනම මැද මෙරටට ආ අති සුඛෝපභෝගී මෝටර් රථය..

By Sithumi Dec 10, 2021 02:22 PM GMT
Sithumi

Sithumi

Report

ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 නවීනතම මෝටර් රථයක් අද (10) උදෑසන හම්බන්තොට වරායෙන් මෙරටට රැගෙන එනු ලැබුවා. තීරු බදු රහිතව රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම මෝටර් රථය හම්බන්තොට වරාය පරිශ්‍රයට පැමිණි වහාම කාගෙත් අවධානය ඊට යොමු වූයේ, රථවාහන ආනයනයට දැඩි සීමා පනවා ඇති පසුබිමක අදාළ රථය මෙරටට පැමිණියේ, කෙලෙස ද යන්න යි.

මේ වර්ගයේ මෝටර් රථයක්, සාමාන්‍ය තීරුබදු සහ ඊට අදාළ අනෙකුත් බදු එකතු වූ විට වටිනාකම රුපියල් කෝටි අටකට ආසන්න වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ මේ ඡායාරූප පෙළ, නෙත ගැටුණු සැණින් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලන්නට අප තීරණය කළේ ඊයේ (09) මුදල් අමාත්‍යවරයා මෙරට ආර්ථිකය වැටී ඇති දරුණු ප්‍රපාතය පිළිබඳවත් සිහියට නඟා ගනිමින්.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වරායෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් සිදු කළ විමසීම්වලදී අප සැමගේ සිත් තුළ කුකුසක් මතු කළ පැනයට පිළිතුරු ලැබුණා. ඒ අනුව, මේ නවීනතම ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 වර්ගයේ මෝටර් රථය ආනයනය කර ඇත්තේ , තානාපති වරප්‍රසාද යටතේ අමරිකානු තානාපති කාර්යාලයට යි.

තානාපති කාර්යාලවලට නව රථවාහන ගෙන්වීම සඳහා කිසිදු බාධාවක් පැනවී නැහැ. එමෙන්ම , රුපියල් හය හමාරකට අධික අය විය යුතු බදු ද තානාපති කාර්යාල වෙත ආනයනය කරන රථවාහන වෙනුවෙන්, අය නොකෙරෙන්නෙ එයත් විශේෂ තානාපති වරප්‍රසාදයක් වන බැවිනුයි. සමාජ මාධ්‍යයේ ප්‍රශ්නාර්ථ නඟමින්, සංසරණය වූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW