සංචාරක පැමිණීම ලක්ෂ 12ට ආසන්නයි – රටට ආව ඩොලර් බිලියන ගණනක ආදායම මෙන්න

Report

2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරක ක්ෂේත්‍රය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි විදේශ විනිමය ආදායමක් රටට ලබාගැනීමට හැකි වී ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනය වන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2026 වසර සඳහා සැලසුම් කර ඇති මිලියන 2.5ක සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හැමෝම මඟ බලපු මහනුවර ඇසළ පෙරහරට දින නියම වෙයි - ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක්

හැමෝම මඟ බලපු මහනුවර ඇසළ පෙරහරට දින නියම වෙයි - ශ්‍රී දළදා මාලිගාවෙන් නිවේදනයක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්