2025 මුල් මාස 10 තුළ සංචාරක ආදායම මෙන්න

Report

මේ වනවිට ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටීයි.

ඒ අනුව  2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වාර්තාවන ආකාරයට 2025 ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186.1කි.

ඒ අනුව  මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533.7 හා සැසඳීමේ දී මෙය 4.9%ක වර්ධනයක් බවයි.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 12 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,972,957ක් ලෙස වාර්තාවේ.

අයස්ථානයේ චන්ද්‍රයා ගෝචර වී වස්තු සම්භාර උතුරා යමින් වාහන සැප සම්පත් ළඟා කරදෙන අද ලග්න පලාපල

අයස්ථානයේ චන්ද්‍රයා ගෝචර වී වස්තු සම්භාර උතුරා යමින් වාහන සැප සම්පත් ළඟා කරදෙන අද ලග්න පලාපල

ඒ අතරින් සංචාරකයින් 443,622ක් ඉන්දියාවෙන්, 180,59ක් එක්සත් රාජධානියෙන්, 144,308ක් රුසියාවෙන්, 123,053ක් ජර්මනියෙන් සහ 115,400ක් චීනයෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

නොවැම්බර් මාසයේ 01 වනදා සිට 12 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 82,270කි.

ආයේ කඩෙන් වියළි මිරිස් ගන්නේ බලාගෙන - සල්ලි දීලා මෙහෙම ගන්න එපා

ආයේ කඩෙන් වියළි මිරිස් ගන්නේ බලාගෙන - සල්ලි දීලා මෙහෙම ගන්න එපා