2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා ! (VIDEO)

YOHANI yOU tUBE RANK APE AMMA VASTHI VINI
By Sewvandhi Sep 08, 2021 05:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2005 දී Google සමාගම හරහා ඇමරිකාවේ මාර්ගගත ව වීඩියෝ හුවමාරු කරන්න ( online video sharing social media platform ) හදුන්වා දුන් සමාජ මාධ්‍ය ජාලයක් තමයි youTube කියන්නේ.

මේකෙ ඇතුළෙ විවිධ කාණ්ඩයන් යටතේ වීඩියෝ හුවමාරු වන අතරේ ලංකාවේ පෙරළිකාරයෝත් මේ වෙද්දී මේකෙ ඇතුළෙ තමන්ගේ අනන්‍යතාව ගොඩනගන්න උත්සාහ කරනවා. ඉතින් මේ කියන්න යන්නේ 2021 වසරේ ලංකාවේ තනි හෝ කණ්ඩායම් අංශයේ වැඩිම Subscribe හිමි youTube Channel ගැනයි.

1. Ape Amma – Subscribe 2.22 million

2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා ! (VIDEO) | Top Five Rankers In You Tube 2021 Sri Lanka

ශ්‍රී ලාංකීය ඉවුම් පිහුම් කලාවේ යූ ටියුබ් මහගෙදර Ape Amma නාලිකාව 2016 -12- 21 ආරම්භ වෙලා තියෙනවා. ඉවුම් පිහුම් කලාවේ කාන්තාවක් විසින් ලබාගත් යූටියුබ් රන් සම්මානය ඇය මේ වෙද්දී හිමිකරගෙන අවසන්. ඇය රජයේ ගුරු සේවයේ නිරත වෙලා හිටපු ගුරුවරියක්. ස්වේච්ඡාවෙන් ම දුෂ්කර සේවයේ හිටපු ඇය, ඇයට හිමිව තිබුණු නිවස රණවිරුවෙකුට පරිත්‍යාග කරල කුලී ගෙදරටකට ගිය කුඩා කළ සිට වීරවරියක් වෙන්න ආස කරපු පොළොවේ ඉන්න කාන්තාවක්.

ඇය දැන් තාක්ෂණයත් එක්ක ඉවුම් පිහුම් කලාවේ දැනුම බෙදාහරින නිර්මාණ ශිල්පිනියක්. ඇයගේ නාලිකාව වසරක කාලයක් ඇගේ මුහුණ ප්‍රදර්ශනය නොකරමින් පටිගත වුණා. ඒ ඇගේ ගුරු සේවයේ නිරත වීම ඉදිරි බලාපොරොත්තුව සමගයි, නමුත් ඇය ගුරු සේවයට සමුදුන් පසුද ඇය ඉගැන්වූ පාසල්වල බොහෝ පිරිස් ඇයට එරෙහිව වැරදි ප්‍රචාරයන් ගෙන ගොස් තියෙනවා.

හෙළවෙදකමින් කළ හැකි ප්‍රතිකාරයන්ද ඈ සිය නාලිකාව ඔස්සේ ගෙන එනවා. තම පුතා හා සේවක මණඩලයත් ඔවුන්ට ම හිමි ශබ්දාගාරයත් (studio) සමග සිය රසමුසු ආහාර සහ වෙදකම් ක්‍රම සමාජයට මේ වන විට තිලිණ කරමින් ඉහළ වැජඹෙන්නට ඇය සමත් වෙලා. ඉවුම් පිහුම් නාලිකා අතරත් මුල් තැන ඇති Ape Amma නාලිකාව තනි පුද්ගලයෙකු විසින් ගෙන යන වැඩිම subscribe මට්ටමක් ඇති නාලිකාවක් ලෙස ඉදිරියේ කුමන වෙනස්කම් වේදැයි බලමු.


2. Yohani Official YouTube Channel – Subscribe 2.05 million

2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා ! (VIDEO) | Top Five Rankers In You Tube 2021 Sri Lanka

මේ වෙද්දී ලංකාවේ රැප් කුමරිය ලෙස හදුන්වන ගායිකාවක්, ගීත රචිකාවියක්, රැප් ගායිකාවක් වගේම සංගීතය පැත්තෙන් අලුත් දේවල් හොයන නිෂ්පාදනය පැත්තෙන් පුලුවන් උපරිමය කරන්න උත්සාහ කරන තරුණියක් තමයි යොහානි. 2016 මාර්තු 1 දා ඇය YouTube නාලිකාවක් පටන් ගන්නවා. Cover Songs වලින් පටන් ගත්ත ඇගේ සංගීත දිවිය 2020 අගෝස්තු ආයේ ( Aaye) ගීතයත් එක්ක රසිකයා වෙත ගෙනගියේ ඇගේ වෙනස් ම පැතිකඩක් අවුස්සන ගමන්.

2020 චමත් සංගීත් එක්ක එකතු වෙලා ” සිත දැවුණ ” ගීතය නිර්මාණය කළා. තමන්ගේ පියාට උපහාරයක් වෙනුවෙන් (මානුෂීය මෙහෙයුමේ 55 වන සේනාංකයට නායකත්වය දුන්න මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා ) නිර්මාණය කරපු “රැව්වත් දෑසින්” ගීතය යුධ පෙරමුණේ වීරයන් ගැන හැගීමක් ඇති කරපු ගීතයක් (චානුක මෝරා සමග). 2020 ඇගේ පළමු English Original ගීතය ” Merry Christmas Baby ” ගීතය නිර්මාණය වුණා.

2021 යොහානිට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් උනේ පටන් ගත්ත cover song වැඩෙන් ම තමයි. චමත් සංගීත්ගෙ සංගීතයයි ගායනයයි, දුලාන් අල්විස්ගෙ පද රචනයකින් නිර්මාණය කරපු “මැණිකෙ මගෙ හිතේ” ගීතය 2020 නිකුත් කරපු ගීතයක්, ඒකෙ cover එකක් විදියට මුල් නිර්මාණකරුවොත් එක්ක 2021 මැයි නිකුත් කරපු මේ සින්දුව හින්දි, දමිළ, මලයාලම් වශයෙන් භාෂාවන්ගෙන් නිකුත් වෙලා තියෙනවා.

අමිතාබ් බච්චන් ගෙ අවධානය දිනා ගත්ත මේ තරුණියගෙ ගීතය තවමත් cover version විදියට tiktok, iTunes, Spotifyඅතර සංසරණය වෙනවා. සමාජ මාධ්‍ය ඇතුළෙ බැනුම් මැද්දෙන් ආපු යොහානි එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ගිණුම්කරණය පැත්තෙන් ඉගෙන ගත්ත කෙනෙක්. යොහානි ඉස්සරහට subscribe ලා එකතු කරගන්න මොනව කරයිද? ඉස්සරහට බලමු.


3. Vini Production – Subscribe 1.48 million

2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා ! (VIDEO) | Top Five Rankers In You Tube 2021 Sri Lanka

වන්නියේ පෙරළිකාරයෝ කිව්වොත් කවුරුත් කියන්නෙ මේ අය ගැන. 2014 YouTube නාලිකාවක් ලෙස පැමිණෙන මොවුන් ක්‍රියාදාම, හාස්‍යජනක, ත්‍රාසය, භීතිය සහ ගවේෂණාත්මක යන වර්ගයන්ගෙන් Entertaining ප්‍රාසාංගික කලාව වෙනත් මානයකට ගෙන යන්නට සමත් වූයේ තම නිසග හැකියාවෙනි.

ත්‍රස්තවාදී ග්‍රහණයට නතුව තිබූ ප්‍රදේශවල තරුණ ජීවිත අත්දැකීම් සමග නිර්මාණාත්මකව සිතන්නටත්, තවකෙකුට සිනහවක් ගෙනෙන පිටපතක් ලියන්නටත්, කැමරාකරණයටත්, සංස්කරණයටත්, රංගනයටත් ඇති තාරුණ්‍යයේ හැකියාව ගන්නා උත්සාහය බොහෝ පිරිසගෙ ඇගයීමට ලක්ව ඇත.

බිංදුවේ සිට පටන් ගත්ත වෙනස් ගමනක් බව විනීගේ පරිශීලකයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ .ජනප්‍රියවීමට වඩා නිර්මාණන් තුළින් ඔවුන් ම විදින සතුට ගැන ඔවුන් කියන්නෙ ලොකු ආඩම්බරයකින්. කාලීනව වන සංවාද එක්ක අපූරුවට හැමෝටම බලන්න පුළුවන් විදියට වීඩියෝ කරන එක ගැන ඔවුන්ගේ ප්‍රතිචාර අතර වැඩියෙන් කියැවෙන්නක්.


4. Chanux Bro – Subscribe 1.4 million

2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා ! (VIDEO) | Top Five Rankers In You Tube 2021 Sri Lanka

2008 ඉදන් අලුත් තාක්ෂණය ගැන youTube Update ගේන්නෙ කවුද කිව්වොත් මේ නම කවුරුත් කියන නමක් Chanux Bro. මෘදුකාංග ඉංජිනේරුවෙක් (Software Engineer ) විදියට වෘත්තිය ගෙන යන ගමන් සමාජ මාධ්‍ය ජාල ඇතුළෙ තාක්ෂණය පැත්තෙන් තමන්ගේ දැනුම දෙනවා වගේම, තොරතුරු තාක්ෂණය පිළිබද උපදේශකවරයකු , ඩිජිටල් මාධ්‍ය උපදේශක, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරණය, චායාරූප ශිල්පී, කැමරා ශිල්පී, දුරකථන හා පරිගණක පිළිබද සමාලෝචක වැනි විවිධ භූමිකාවන් ඉටු කරයි.

Chanux Academy youTube ඔහු විසින් 2020 දී හදුන්වා දුන් අතර එහි අරමුණු ලෙස සමාජ මාධ්‍ය තුළ සාර්ථක වෙන්නෙ කොහොම ද ? තමන්ගේ you Tube, facebook, instagram ජාලාවන් online ව්‍යාපාරයන්ට යොදාගන්නෙ කොහොම ද කියන දේවල් සරළව කියල දෙනවා වගේම මේකෙදි තොරතුරු තාක්ෂණය සරළව කියල දෙන්න උත්සාහ කරන බවයි ප්‍රතිචාර බැලුවොත් පේන්නෙ.

Technology පැත්තෙන් ලංකාවේ මට්ටමක් තියාගන්න මොළෙන් ගේමක් දෙන්න පුළුවන් කියන දේ ඔප්පු කරපු කෙනෙක් Chanux Bro ,ඉස්සරහට අනික් නාලිකා එක්ක යන ගමන ගැන බලමු වැඩ වලින්.


5. Wasthi Production Subscribe 1.39 million

2021 YouTube එකේ ඉහළම ඉන්න ලංකාවේ පෙරළිකාරයෝ පස්දෙනා ! (VIDEO) | Top Five Rankers In You Tube 2021 Sri Lanka

” සම්ප්‍රදාය අතික්‍රමණයට” ආපු තවත් පෙරළිකාරයෝ ටිකක් තමයි මේ අය. ආන්දෝලනාත්මක දේවල් අරගෙන එන මේ අය ගැන youTube යන නොඑන ඔක්කොම වගේ දැන් දන්නවා . අනුෂ්ක සහ දුලාජ් දෙන්නා සහ ඔවුන්ගෙ නිර්මාණයන්ට දායක වෙන අය ගැන (ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ ) අය ගැනත් නිර්මාණ හරහාම වන කතාබහ ගොඩනැංවීම විකල්පයක් ගේන්න හදනව වගේ කියල ගොඩක් තැන්වල කතා බහට ලක්වුණු දෙයක් .

2016 වැඩ පටන් ගත්ත වස්ති මේ වෙද්දී බොහෝ අනුග්‍රාහකයින් එක්ක වැඩ කරගෙන යන ගමන් සමාජ සේවාවන්ට දායකත්වය ලබාදෙනවා. අති නවීන තාක්ෂණය සමග සිය වීඩියෝපට ගෙන එන්නට දරන උත්සාහයේදී ලංකාවේ නිර්මාණ ඇතුළෙ නොතිබුණු තාක්ෂණි පැත්ත ගේන්න උත්සාහ කරන youTube එකෙ වෙනස් දෙයක් කරන ඔවුන්, අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා ද සිය නිර්මාණයට යොදාගනිමින් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළා. සම්ප්‍රදාය අතික්‍රමණය තුළ වෙනස්කම් එක්ක රසිකයා වෙත එන්නෙ කොහොම ද කියල ඉස්සරහට බලමු.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

ReeCha