රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් බාල්දු වෙයි
බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (14) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 300.84 සිට රු. 301.91 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රු. 308.34 සිට රු. 309.61 දක්වා ඉහළ ගොස් තිබේ.
ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කූඩයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇත.