අද වෙනිසියුලාවේ ජනාධිපතිවරණය...
By Parami Dissanayake
අද (28) වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අතර, මෙවර තුන්වන වරටත් බලයට පත්වීමේ අපේක්ෂාවෙන් දැනට ජනාධිපති ධුරය හොඹවන නිකොලස් මදුරෝ ඉදිරිපත් වී ඇත.
ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වුයේ, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් ය.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට පුරවැසියන් මිලියන 17ක් පමණ සුදුසුකම් ලබා ඇත.
මේ වන විටත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසියුලාවෙහි ජනාධිපතිවරයාට රටේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමේදී අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබෙනවා.