අවුරුදු 4කට පස්සේ හොයාගෙන ආපු පෙම්වතියව කාමරයක දාගෙන ටියුෂන් සර් කරපු දේ - අම්මා එක්ක එකතුවෙලා හොඳටම ගහලත්
By Zara
හතරකට පසු සොයා පැමිණි පෙම්වතිය නිවසේ කාමරයක දමා ගනිමින් ඇයගේ කොණ්ඩය කපා පලවා හැරී බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබදව පුවතක් වාර්තා වී තිබෙනවා.
2021වසරේදී පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණිය අදාල උපකාර පන්ති ගුරුවරයා සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ටික කලක සිට පෙම්වතා තමන් මගහැර සිටීම නිසා තමන් ඔහුගේ නිවසට සොයා ගිය බවත් එම අවස්ථාවලදී පෙම්වතා සහ මව එක්ව තමාට බැණ වැදී පලවා හැරගත් බවත් ඇය සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම තරුණිය පසුගිය දිනකද යළි පෙම්වතා හමුවීමට ඔහුගේ නිවසට ගිය බවත් එදින ඔහුගේ කාමරයට ගෙන ගොස් තමාගේ කොණ්ඩය කපා දැමූ බවත් ඇය සදහන් කරනවා.
නමුත් ආරංචි මාර්ග පවසන්නේ ඇය මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර නොමැති බවයි.