ජානු ටෙලි නාට්‍යයෙන් අල්පොන්සු අයින් වුණාද? අයින් කලාද? මෙන්න ඇත්ත විස්තරේ

By Zara Mar 28, 2025 05:35 PM GMT
Report

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණු ජානු ටෙලි නාට්‍යය පසුගියදා අවසන් වුනා.

ඉතිං මේ ටෙලි නාට්‍යයෙන් රටක් ආදරේ දිනාගත් අල්පොන්සු නම් ඉන්නේ හුගාක් කලකිරිමෙන් වගේ කියලා තමයි අපිට හිතන්නේ.

ඒ ඔහු රටක්ම කළඹවමින් අමුතු ප්‍රකාශයක් සිය සමාජ මාධ්‍යයේ සටහනක් එක් කර තිබීම හේතුවෙනි.

ඔහුගේ එම සටහන පහතින්,

"ජානු නාට්‍ය ඉවර උන බව ආරංචි උනා..ඒකට මොකද උනේ කියල අපි කතා නොකර ඉමු…මට කියන්න ඇත්තේ මෙපමණයි…දම්මින්ද අල්පොන්සෝට ආදරය කල ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි..අධ්‍යක්ෂක හසුන් සමීර මුලින්ම රචනා කරපු සිමෙත් කවීජ,සිතාරා නංගි ඇතුලු එහි නිර්මාණයයට සහය උනු සියලුම දෙනාටත් ස්වාධීන රූපවාහිනීයේ හිටපු සහ ඉන්න සභාපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ගොඩක්ම ස්තුතියි.ආදරෙයි.”

අල්පොන්සෝ

එස්.අයි.සමරක්කොඩි.