විවිධ ප්‍රදේශවලින් අද දින වාර්තා වූ ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව මෙන්න..
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 572 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,314කි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 11,605 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 427,254ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් මරණ 132 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 132ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළගොස් ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 66ක් සහ පිරිමි පුද්ගලයන් 66ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි අයෙක් මෙම මරණ අතරට අයත්.
අවුරුදු 30ත් 59ත් අතර මරණ 28ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 18ක් සහ කාන්තාවන් 10ක් වශයෙන්.
අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 101ක් වනවා. ඒ කාන්තාවන් 54ක් සහ පිරිමි 47ක් වශයෙන්.
මේ අතර, එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ගන්නා බවද ඔහු කියා සිටියේය.
රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බව ද ඔහු පැවසීය.
එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරන බවද ඔහු පවසයි.
රට විවෘත කළ ද පළාත් අතර සංචරන සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |