"..නිලඇඳුම ගලවලා යන්න.." - ආරක්ෂක ඇමති ටිරාන්ගෙන් දැඩි ප්‍රකාශයක්..!

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා පවසන්නේ, ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇති බවයි.

එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි, එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ.

අද (23) රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටිරන් අලස් මහතා,

"යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සරවෙලා අපි අධ්‍යයනය කරන කාලයේ අපි ප්‍රජා කමිටු පිහිටුවන වැඩේ අලුතින් කෙරුවේ. අපි අලුත් විදිහකට හිතලා... මට මතකයි සැප්තැම්බර් 30 වෙනෙකොට ඒක ඉවර කරන්න කියලා තිබුණේ. ඊට පස්සේ ඔක්තෝම්බර් 10 වෙනතුර කල් ඉල්ලුවා.

මම ඔක්තෝම්බර් 10 වෙනකොට ඉවර කරන්න කිව්වා. පොලිස්පතිතුමා කිව්වා වගේ සමහර පැතිවල ඒක හරියට කරලා නැහැ. අපිට බොරු තොරතුරු දිලා තියෙන්නේ. එවැනි පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය මම ගන්නවා.

මොකද මේ දේ කරන්න බෑ පොලිස් නිලධාරීන් සියලුදෙනාම එකට එකතු වෙලා මේ වැඩ ටික කෙරුවේ නැත්නම්. කවුරු හරි ඉන්නවා නම් අපිට ඕනේ විදිහට මේ වැඩේ කරන්න බැරි. ඒ අය නිල ඇඳුම ගලවලා යන්න ඕනේ."