අපි දිනන සභාවලට ඇස් පියාගෙන මුදල් අනුමත කරනවා.. පරදින සභාවලට සොරි තමා..- ජනපති

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Local government Election National People's Power - NPP Sinhala news
By Shehan Apr 14, 2025 02:18 AM GMT
Shehan

Shehan

Report

මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය බලය ලබන ප්‍රාදේශීය සභාවලට ඇස් පියාගෙන මුදල් අනුමත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

“නොවැම්බර් මාසේ යළි අයවැයක් ගේනවා. ජුනි වන විට යෝජනා ගන්නවා. උදාහරණයක් විදිහට, කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම බලනවා. ආදායම අඩුයි, වැඩ ගොඩයි.

එහෙනම් මහ ආණ්ඩුවෙන් ඉල්ලලා ඒ වැඩවලට සල්ලි දෙනවා. යෝජනාවක් ආවොත්, බලනවා කොහෙන්ද කියලා. කන්තලේ NPP යටතේ නම්, ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා මුදල් දෙනවා.

මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

ඒත්, වෙන පක්ෂයකට ගිහින් නම්, දහ වරක් පරීක්ෂා කරනවා. ඇයි? හිටපු අය බොහොමයක් පාරට කොන්ක්‍රීට් ටිකක් දාලා, ඉතිරි සල්ලි සාක්කුවට දාගත්තා. හොරකමට සල්ලි දෙන්නේ නෑ.

NPPට ප්‍රාදේශීය සභාවල බලය ලැබුණොත් ඒවාට සල්ලි දෙනවා. නැත්නම්, කිසිම වැඩක් වෙන්නේ නෑ. එහෙම නැත්නම්, මහ ආණ්ඩුවේ වැඩවලට බාධා කරන, දුෂිත ප්‍රාදේශීය සභා තමයි ඉතිරි වෙන්නේ.”

මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ කන්තලේ ජන රැලියකදීය.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව – 2025

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව – 2025

ReeCha