Tik Tok හදිසියේම තහනම් කරයි.

United States of America TikTok China World
By Wayomi Aug 17, 2023 08:59 AM GMT
Wayomi

Wayomi

Report

ආරක්ෂක හේතුන් මත ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර Tik Tok තහනම් කර තිබෙනවා.

මෙම යෙදුම නිසා චීන රජයේ බලපෑම් එල්ල විය හැකි බවයි ඔවුන් පවසන්නේ .

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් නිවේදනය කර ඇත්තේ නගරයේ තාක්ෂණික ජාලයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් Tik Tok තහනම් කල බවයි.

ඒ, අනුව එම ප්‍රාන්තයේ රජය විසින් නිකුත් කරන ලද ජංගම උපාංගවල Tik Tok තහනම් කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත් Tik Tok සමාගම පවසන්නේ එක්සත් ජනපද පරිශීලක දත්ත චීන රජය සමඟ බෙදාගෙන නොමැති අතර, පරිශිලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.

ReeCha