එන්නත් නොකළ අයට නීති දැඩි කිරීමට යයි

covid germany injection sinhala news
By Gagana Nov 19, 2021 08:44 AM GMT
Gagana

Gagana

Report

වසංගතය ආරම්භ වූ දා සිට එහි ඉහළම ආසාදන මට්ටම් පාලනය කිරීමේ උත්සාහයක් ලෙස ජර්මනිය කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් නොකිරීමට මෙතෙක් තීරණය කර ඇති පුද්ගලයින්ට දැඩි සීමාවන් හඳුන්වා දීමට ජර්මනිය සූදානම් වෙයි.

අඟහරුවාදා රටේ රෝග පාලන ඒජන්සිය වන රොබට් කොච් ආයතනය, පුද්ගලයන් 100,000කට ආසාදිතයන් 312ක් ලෙස දින හතක සිදුවීම් අනුපාතයක් වාර්තා කළ අතර, ප්‍රදේශ කිහිපයක ආසාදිතයන් 1,000ට වඩා වැඩි විය.

එන්නත හඳුන්වා දීමට පෙර, එනම් මීට වසරකට පෙර එම අනුපාතය 139ක් විය. අඟහරුවාදා මරණ 265ක් වාර්තා වී ඇති අතර එය එන්නත් කිරීමට පෙර උපරිමයට වඩා විශාල අඩු මට්ටමක පැවතීම යම් සාධනීය ලක්ෂණයකි.

රට දේශපාලනය බල හුවමාරු තත්ත්වයක පවතින විට, නව සභාගයක් ලබන මාසයේ පාලන බලය ලබා ගන්නා තෙක්, ඇන්ජෙලා මර්කල්ගේ පැරණි රජය භාරකාර ධාරිතාවයකින් ක්‍රියාත්මක වෙයි. මේ තත්ත්වය තුළ වසංගතයේ කළමනාකාරිත්වය දිශානතිය අහිමි වී ඇති බවක් පෙනෙන බවද කියයි.

ජර්මනිය මේ වනවිට ජනගහනයෙන් 70%කට වඩා අඩු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ජර්මනිය ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි අනෙකුත් යුරෝපීය රටවලට වඩා සැලකිය යුතු ලෙස පිටුපසින් සිටියි.

වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම, මහජන ක්‍රියාකාරකම්වල වැඩිවීම, සේවා ස්ථානයට නැවත පැමිණීම සහ දෙවැනි මාත්‍රාවෙන් එකෙන් මාස හයකට පසු නිර්දේශ කරනු ලබන බූස්ටර එන්නත් ලබාදීම මන්දගාමී වීම මෙසේ ආසාදන වැඩිවීම සඳහා හේතු වී ඇති බව කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now



ReeCha