ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දු - පාකිස්තාන් තරගවල ප්‍රවේශපත්‍ර හොයන අයට විශේෂ දැනුම්දීමක්
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දියා - පාකිස්තාන තරගය වෙනුවෙන් සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වී ඇත.
එබැවින් ප්‍රවේශපත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (15) රාත්‍රී 07.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රවේශපත්‍ර කවුන්ටරය වසා ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අනිද්දා (16) දින නුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
එදිනට බලගොල්ල, අබිතා ක්‍රීඩාංගණයේ ටිකට්පත් කවුන්ටරය වසා තබනු ඇති බව ද වාර්තා වේ.