සියලුම පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩලය පිළිබඳව තීරණයක්
පාසල්වල ශිෂ්‍ය නායක මණ්ඩල සම්බන්ධ මාර්ගෝපදේශ සංශෝධනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් තමන්ට දැනුම් දුන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කරයි.
පාසල් පරිපාලනයේදී ශිෂ්‍ය නායක මණ්ඩලවල මැදිහත්වීම හා විනය පවත්වා ගෙන යෑමේදී මතුවන ගැටලු ගැන ගුරු සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන් බව සඳහන් කරයි.
පාසල් පරිපාලනයට ශිෂ්‍ය නායක මණ්ඩල මගින් සිදුවන බලපෑම් අවම කර ඒ වෙනුවට පාසලේ යහපත පිණිස ඔවුන්ගේ සහාය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
තව ද ශිෂ්‍ය නායක මණ්ඩලවලට සිසුන් පත්කිරීමේදී ශිෂ්‍යයන්ගේ වයස් සීමාව නොඉක්මවන අයුරින් එය සිදු කිරීමේ ඇති වැදගත්කම ගැන ද වැඩිදුරටත් සාකච්ඡා වී යැයි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කරයි.