ස්කොට්ලන්තය පරදා එංගලන්තය ජය ගනී

Report

2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද (14) දින පැවැත්වෙන ස්කොට්ලන්ත - එංගලන්ත කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය.

ඒ ස්කොට්ලන්තය කඩුළු 5කින් පරාජයට පත් කරමින්. එහිදී ලකුණු 153ක ඉලක්කයක් හඹා ගිය ඔවුන් පන්දුවාර 18.2ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 155ක් රැස් කර තිබුණා.

එසේම එංගලන්තය වෙනුවෙන් ටොම් බැන්ටන් නොදැවී ලකුණු 63ක්ද, ජේකබ් බෙතෙල් ලකුණු 32ක්ද, සෑම් කරන් ලකුණු 28ක්ද රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ස්කොට්ලන්තය සඳහා බ්‍රැන්ඩන් මැක්මුලන්, බ්‍රැඩ් කුරී, බ්‍රැඩ් වීල්, මයිකල් ලීස්ක්, ඔලිවර් ඩේවිඩ්සන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

එංගලන්තයට ලකුණු 152ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 152ක ඉලක්කයක්

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර, එබැවින් නායක රිචී බෙරිංටන් ලකුණු 49ක්ද, මයිකල් ජෝන්ස් ලකුණු 33ක්ද, ටොම් බෲස් ලකුණු 24ක්ද රැස් කිරීමට සමත්කම් දැක්වුවා.

එසේම පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ආදිල් රෂීඩ් කඩුළු 03ක්ද, ජොෆ්රා ආචර්, ලියම් ඩෝසන් කඩුළු 02 බැගින්ද, සෑම් කරන්, ජේමි ඕවර්ටන් එක් කඩුල්ලක් බැගින් ද දවා ගෙන තිබුණා.

හෙට ඉන්දු - පාකිස්ථාන තරගයට පෙර ඉන්දියාව කරන්න යන දේ - විදෙස් මාධ්‍යවේදීන් 100කුත් ඇවිත්

හෙට ඉන්දු - පාකිස්ථාන තරගයට පෙර ඉන්දියාව කරන්න යන දේ - විදෙස් මාධ්‍යවේදීන් 100කුත් ඇවිත්

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි

ලොවම බලන් සිටි උද්වේගකාරී ඉන්දියා-පාකිස්තාන තරගයට එද්දි මේවා ගේන්න තහනම් - පොලිසියෙන් අනතුරු අඟවයි